Saturday, July 27, 2024

General line - 0115112241

බන්ධනාගාරයේදී සියදිවි නසා ගනී

ඉෂාර සුපෙම් මානගේ




බන්ධනාගාරයක් තුළ රැඳවියෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඊයේ (30) සවස 5.15 ට පමණ මොනරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු රිමාන්ඩ් අංශයේ වැසිකිළියක් තුළ මෙම සියදිවි හානි කර ගැනීම සිදු කර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

තමා ඇඳ සිටි සරමේ පටියක් ආධාරයෙන් ඔහු ගෙල වැළලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ යල්කුඹුර බිබිල ප්‍රදේශයේ පදිංචි වාසල ආරච්චිලාගේ දොන් මදුපාල රංජිත් නැමැති රැඳවියෙක්.

මරණ පරීක්ෂණය අද (31) දින සිදු කිරීමට නියමිතයි.