Saturday, July 27, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙකුට පිරිසක් පහරදීලා




මහනුවර, අංකුඹුර රඹුකේඇල ප‍්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

රාජකාරී නිමවා නිවස වෙත යමින් සිටියදියි කිසියම් පිරිසක් විසින් ඊයේ (30) රාත‍්‍රියේ මෙම පොලිස් නිලධාරියාට පහර දී තිබුණේ.

බරපතල තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.

පහර දීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සැකකරුවන් සොයා අංකුඹුර පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.