Saturday, July 27, 2024

General line - 0115112241

"අපේ ගාව ඩබල් ගේම් නෑ..දෙවියන් බුදුන් අදහන රටේ කවදා හෝ ශාප වනවා." - ඩබල් ගේම්වලට හරීන් දුන්න පහර  (VIDEO)




සිංහල ද දෙමළ ද යන්න පිළිබඳව නොසිතා ඉඩම් පර්චසයකින් කොටසක් හෝ නොමැති ජනතාව පිළිබඳව සිතා බැලිය යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ ජාතිවාදයෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීම තරුණයෙකු ලෙසින් තමන් ආඩම්බර වන බවයි.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව එහිදී පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ තම පක්ෂයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඩබල් ගේම් නොමැති බවයි.

"උඹ තම්බියා.. උඹ දෙමළා.." ලෙසින් සමාජයේ කෙරෙන අදහස් දැක්වීම් ද ඔහු පාර්ලිමේන්තු කතාව අතරේ විවේචනයට ලක් කළා. 

පාකිස්ථානු ජනතාව ශ්‍රී ලංකාවේ කොඩිය උස්සමින් ක්‍රිකට් තරග අතරේ සිය සහෝදරත්වය පළ කළ ද ශ්‍රී ලාංකිකයෙකු එලෙස කළ හොත් අත්වන ඉරණම පිළිබඳවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.


අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහිදී අවධාරණය කර සිටියේ කාලකන්ණි වින්දනයක් ලබා ගන්නා  අයට මේ දෙවියන් බුදුන් අදහන රටේ කවදා හෝ ශාප වන බවයි.


එම කතාවේ වීඩියෝව පහතින්.