කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි විභාගය ඊයේ (30) දින සිදු කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා.
සිද්ධියට මුහුණ දුන් පාසල් දැරිය සිය මව සහ පියා සමඟ කොමිසමට පැමිණ සිටියේ තවත් ඥාති තරුණයෙකු සමගයි.
පැය හතක් පුරා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දී මේ පිළිබඳ කරුණු සටහන් කර ගැනීම සිදුව තිබෙනවා.
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් යවනු ලැබූ සිතාසි මත කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, දැරිය අධ්‍යාපනය ලැබූ පාසලේ හිටපු විදුහල්පතිනිය සහ සිද්ධියට සම්බන්ධ ගුරුවරු පිරිසක් ද මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටියා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන ශාඛාවේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි සඳහන් කළේ සංවේදී කරුණු රැසක් මෙහි ඇති බවයි.
දැරිය පාසලෙන් ඉවත් කිරීම ගැන මෙන්ම මාසයකට ආසන්න කාලයක් පාසලක් අහිමිව සිටීම ගැන වැඩි අවධානයක් යොමු කළ බවද සඳහන් කළා.
මාධ්‍යවල පල වූ වාර්තා සැලකිල්ලට ගෙන පැමිණිල්ලක් නැතිව මෙම විමර්ශන පවත්වන බවද නිහාල් චන්ද්‍රසිරි වැඩි දුරටත් පෙන්වා දුන්නා.