Sunday, September 8, 2024

General line - 0115112241

උත්සව සමයේ සහල් ගන්න සතොසට යන්නලු




ආනයනික නාඩු සහල් කිලෝ ග‍්‍රැම් 1ක් සතොස අළෙවි සැල් හරහා රුපියල් 74ක මුදලකට ලබා දීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඉකුත් ජුලි මාසයේ ඉන්දියාවෙන් ඇනවුම් කළ සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයෙන් නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් දාහත්දහසක් මේ වනවිට ශ‍්‍රී ලංකාවට ලැබී ඇති බවයි. 

ඒ අනුව, එම සහල් තොග සතොස අළෙවි සැල් සහ ජංගම අලෙවි රථ මගින් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් මෙටි‍්‍රක් ටොන් තිස්දහසද නොවැම්බර් මාසය අවසන් වීමට පෙර වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

උත්සව සමයේදී හිඟයකින් තොරව අඩු මිලට පාරිභෝගිකයින්ට සහල් ලබා දීම මෙම වැඩපිලිවෙළේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා සඳහන් කළා.