Friday, October 18, 2024

General line - 0115112241

මැතිවරණ වියදම් අඩු කරන්න සාකච්ඡා කෙරේ

නිශාන් ද සිල්වා




මාර්තු 12 ව්‍යාපාරය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (31) පැවැත්වුණා.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.

පළාත් පාලන මැතිවරණයේ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් එහිදී මුලික අවධානය යොමු කළ බවයි මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිත, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ. 

මැතිවරණයකදි දරන වියදමට සීමා පැනවීම සඳහා මේ වනවිටත් මූලික කෙටුම්පතක් සකසා තිබෙනවා.

එය ජනාධිපතිවරයාට මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට ද භාර දී ඇති බවයි මාර්තු 12 ව්‍යාපාරය වැඩිදුරටත් කියා සිටියේ.