Sunday, September 8, 2024

General line - 0115112241

විමල්ගේ 'පොතේ' නඩුව කැඳවයි

අධිකරණ වාර්තාකරු




ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් වීමෙන් පසු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් රචනා කරන ලද නැත්ත වෙනුවට ඇත්ත නැමැති කෘතිය සම්බන්ධයෙන් වන නඩුව අද (31) කොළඹ වාණිජ මහාධිකරනයේ දී කැඳවනු ලැබුවා.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ගොනු කළ මෙම නඩුව වැඩි දුර විභාගය සඳහා ජනවාරි  මස 11 වැනි දාට කල් තැබීමට වාණිජ මහාධිකරන විනිසුරු එම්.ආර්.සි. ප්‍රනාන්දු නියෝග කළා.

අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස් වන බවත් විමල් වීරවංශ ඊට සහභාගි නොවුනත් එහි කටයුතු අධීක්ෂණය කිරීමට අවශ්‍ය බැවින් අද දින ඔහු අධිකරනයේ පෙනී නොසිටින බව විමල් වීරවංශගේ නීතිඥවරයා අධිකරනයට දන්වා සිටියා.

විමල් වීරවංශ විසින් රචිත මෙම කෘතියේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සිටියදී සාකච්ඡාවට ලක් වු විවිධ ලිය කියවිලි අඩංගු බවත් ඇතැම් ලිය කියවිලි අනවසරෙන් උපුටා පළ කිරීමෙන් බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කර ඇති බවත් ටිල්වින් සිල්වා පවසා සිටිනවා.