Sunday, September 8, 2024

General line - 0115112241

කවට කමන් හෙළි කළ විග්නේෂ්වරන්

වසන්ත පිවිතුරු




උතුරේ එක් ලක්ෂණ පනස් දහසකට අධික හමුදා සෙබළුන් පිරිසක් ආරක්ෂාවට සිටිය දී වවුනියා බන්ධනාගාරයේ සිටින සිරකරුවන් අනුරාධපුර බන්ධනාගාරය වෙත මාරුකිරිම විකට ක්‍රියාවක් බව උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ආහාර වර්ජනයේ යෙදී සිටින රැඳිවියන් සම්බන්ධයෙන් කරුණු දක්වා උතුරේ මහ ඇමතිවරයා ලිපියක් හිටපු ජනාධිපතිනිය වෙත යොමු කර ඇති බව සඳහන්.

හිටපු ජනාධිපතිනිය ජාතික සංහිඳියා වැඩපිළිවෙල වෙනුවෙන් විශාල කැපවීමක් කරන බව පෙන්වා දෙන උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ මෙම රැඳවියන් පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස තමන්ඉ ල්ලා සිටින බවයි.

විවිධ අපහසුතා මෙන්ම විරෝධ හමුවේ තමන් මෙම ලිපිය ඇය වෙත යොමු කරන බව ද සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අදාළ රැඳවියන් වවුනියාවෙන් අනුරාධපුරයට මාරු කිරිම ඔවුන් ආරක්ෂා කිරිමට නොව සාක්ෂින් සැඟව සිටින ස්ථාන සොයාගත නොහැකිව බවද ඔහු අවධාරණය කළා.

මෙහි ඇත්ත තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා ඊට මැදිහත් වන ලෙස ද උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ඔහුගේ ලිපියෙන් ඉල්ලා තිබෙනවා.