පොල් හා තල්ගස් වලින් රා මැදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සුරාබදු බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් කිතුල් ගස්වලින් රා මැදිම සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බවයි මුදල් අමාත්‍යංශය කියා සිටියේ.
රා මැදීම සඳහා බලපත්‍ර ලබාගැනීම මීට පෙර අනිවාර්ය කර තිබුණා. එහෙත් රා මැදීම සඳහා බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය නොවන පරිදි 2013 වසරේදී අදාළ පනත සංශෝධනය කර තිබෙනවා.
මේ හේතුවෙන් මධ්‍යසාර නිපදවීම සඳහා ස්කාගාර වෙත ලැබෙන රා ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට ක්‍රමවේදකයක් නොතිබූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව සුරාබදු ආඥා පනතේ 15 වැනි වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.