Sunday, September 8, 2024

General line - 0115112241

මන්ත්‍රීවරුන්ගේ ඉරණම ගැන කියන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම්

තරංග රුක්ෂාන් ජයසේකර




මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදිනෙක නොවූ තරම් විවිධ අභියෝගයන්ට මුහුණදීමට සිදුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ කොළඹ අද (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වන අතර එම අයිතින් පොලිස් රාජ්‍ය සංකල්පය යටතට ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු කියා සිටියා.

මන්ත්‍රීවරුන්ට සිදුව ඇති ගැටළු සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමට මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට ද පැමිණි කිරිමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බව ඔහු කියා සිටියා.