නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ අද (31දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවුණා.
ඔහු ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව නව නාවික හමුදාපතිවරයා මෙලෙස නිල වශයෙන් ජනාධිපතිතුමා හමුවූ අතර එහිදී සාම්ප්රදායිකව සමරු තිළිණ හුවමාරුව ද සිදු කෙරුණා.