Friday, October 18, 2024

General line - 0115112241

අත්තනගල්ල ඔය පිටාර මට්ටමට




පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලූ ඔය දුනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් ගම්පහ, මිනුවන්ගොඩ, කටාන, ජාඇළ හා අත්තනගල්ල ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසටයි දැනුම් දෙන්නේ. මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

මේ අතර ඉදිරි පැය 24 ක කාලය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැලිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150කට වඩා වැඩි වැසි ද ඇදහැලිය හැකියි.