Monday, January 13, 2025

General line - 0115112241

එල්ටීටීඊ සාමාජිකයන් 2ට සිරදඬුවම්

උපාලි ආනන්ද - අනුරාධපුර




ත්‍රිකුණාමලය, මොල්ලිපොතාන, ප්‍රදේශයේදී පොලිස් පරික්ෂවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 4 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනකුට වසර 18ක බරපතළ සිරදඬුවම් අද (31) නියම කෙරුණා.

ඒ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් දුන් නියෝගයකට අනුවයි.

අධිකරණය හමුවේ මෙම විත්තිකරුවන් වරද පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව ඔවුන්ට එරෙහිව ගොනු කර තිබූ අධි චෝදනා හයට වසර තුන බැගින් වෙන් වෙන් වශයෙන් මෙම බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වුණා.

එහිදී නියම කළ දහ අට වසරක සිර දඩුවම වසර තුනකින් එකවර ගෙවී යාමටද මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කළා.