Monday, January 13, 2025

General line - 0115112241

තවත් විසඳුම් සොයන්න බැරිවුණා




ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබව දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ දී අද (31) විවාදයට ගැනුණා.

ඒ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද උණුසුම් තර්ක විතර්ක මධ්‍යයේයි. මේ විවාදයේ දී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ වසර 60ට අධික කාලයක් එක් මාතෘකාවක් ඔස්සේ රට ගමන් කරන බවයි.

ශ්‍රී ලංකාවට තවමත් ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

විවාදයට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අදහස් පළකළා.

රටට තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවශය ද යන්න මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා. එමෙන්ම මෙම ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමක් සිදු නොවන බවත් ඔවුන්ගේ ඡන්දය ලබාගැනීම සඳහා සිදු කරන මාෆියාවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.