Thursday, May 2, 2024

General line - 0115112241

තලවතුගොඩ වෙඩි තැබීමක්




තලංගම, තලවතුගොඩ ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ ආයතනයක් තුළ අද (02) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ එම ආයතනය කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

සැකකරුවන් ස්වර්ණාභරණ ආයතනය කොල්ලකෑමට තැත්කිරීමේදී එහි හිමිකරු තියුණු ආයුධයක් රැගෙන කොල්ලකරුවන් සමග පොරබදා තිබෙනවා. එම අවස්ථාවේදීයි කොල්ලකරුවන් වෙඩි තැබීම සිදුකර ඇත්තේ. පසුව ඔවුන් පලාගොස් ඇති අතර තුවාල ලැබූ ආයතනයේ හිමිකරු රෝහල්ගත කර තිබෙනවා.