Wednesday, January 15, 2025

General line - 0115112241

20 ට තුවාල කරමින් අඩි තිහක ප්‍රපාතයට පෙරලුණු බස් රථය මෙන්න (VIDEO)

හැටන් - රංජිත් රාජපක්ෂ




ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ඩයගම හැටන් පෝඩයිස් මාර්ගයේ පෝඩයිස් එන්සි ප්‍රදේශයේ දී අඩි තිහක් (30) පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එමබස් රථයේ ගමන් ගත් විසිදෙනෙකු පමණ දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද (05)පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අනතුර පිළිබද පරික‍්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවේ.

තුවාල කරුවන් අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද සිටින අතර තුවාල කරුවන්දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි දික්ඔය මුලික රෝලේ වෛද්‍යවරුන් පැවසුවේ.

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථ දෙකකට ඉඩ ලබාදීමට යාමිදී බෑවුමක් සහිත ප්‍රදේශයේ දී බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය පෙරලි ගිය බවයි රියදුරා පවසන්නේ.

මෙම බස් රථය හැටන් ඩිපෝවට අයත් බස් රථයක් බවයි අනතුර පිළිබඳ පරික‍්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ.