Monday, May 6, 2024

General line - 0115112241

වංචා දූෂණ වලට සම්බන්ධ සෞදි කුමාරවරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ "කුමරා" අභිරහස් ලෙස මරුට

ධරිත් පෙරේරා - ඩේලි මේල් ඇසුරෙන්




හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි ගමන් ගත් සෞදියේ මන්සූර් බින් මුක්රීන් නමැති කුමරා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුමාරා ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේ යේමන සෞදි දේශසීමාවේදීයි. 

අනතුරින් මියගියේ අසීර් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ කුමාරයායි.

හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුවූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

මෙම කුමරු මෙසේ ජීවිතක්ෂයට පත් වුණේ සෞදියේ සල්මාන් රජු සහ ඔහුගේ පුතු ඔටුන්න හිමි සල්මාන් කුමරු එක්ව ස්ථාපණය කළ නව දූෂණ වංචා පිටුදැකීමේ කවුන්සිලය මැදිහත් වීමෙන් සෞදියේ කුමාරවරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදීයි.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර සෞදි රජයේ ඇමැතිවරුන් සිවු දෙනෙකු සහ හිටපු ඇමැතිවරුන් කිහිප දෙනකුද සිටි බව පැවසෙනවා.

2009 වසරේ ජෙඩා නුවරට බලපෑ ගං වතුර තත්වයට සහ 2012 සෞදි අරාබියේ පැතිර ගිය මර්ස් වෛරසයට මුහුණදීම සඳහා වෙන් කෙරුණු මුදල් වංචා කළ බවට මොවුන්ට චෝදනා එල්ල වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට රජය පරීක්ෂණ පැවැත්වෙනු ලබනවා.