මුන්දලම 10 කණුව ප්‍රදේශයේ අද (06) උදෑසන සිදුවූ රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම අනතුර සිදුවුණේ පුද්ගලික බස් රථයක් පෙරලී යාමෙන්. අදාළ බස් රථය යාපනය දෙසට ධාවනය වෙමින් තිබුණා.
---------------------
බස් රථයක් අනතුරට - 44ක් රෝහලේ (06-11-2017 11:00)
පුත්තලම - කොළඹ මාර්ගයේ මුන්මදලම දුරන්කුලියේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පස් දෙනෙක් මියගොස් 44 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.
යාපනය - කොළඹ බස් රියක් එසේ අනතුරට ලක්ව ඇති අතර එම මාර්ගයේම ගමන් කළ ත්‍රී රෝද රියක් පසුකර යාමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම අනතුර සිදුවී තිබෙනවා.
----------------------------------------------
බස් රථයක් අනතුරට - 30කට අධික පිරිසක් රෝහලේ (06-11-2017 09:51)
පෞද්ගලික මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද (06) උදෑසන සිදුවූ මෙම අනතුරින් තවත් 30 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය - 10 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණා.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පුත්තලම සහ මුන්දලම රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.