Monday, May 6, 2024

General line - 0115112241

එළිසබෙත් රැජින ඇතුළු ලොව ප්‍රධාන පෙළේ පුද්ගලයන් පිරිසකගේ රහස් ගණුදෙනු රැසක් එළියට

ධරිත් පෙරේරා - බීබීසී ඇසුරෙන්




එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් රැජින ඇතුළු ලොව ප්‍රමුඛතම ව්‍යපාරිකයන්ගේ රහස්‍ය ගණුදෙනු ඇතුළත් මූල්‍ය ලිපි ලේඛන මිලියන 13.4ක පමණ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැරඩයිස් පේපර්ස් (Paradise Papers) යනුවෙන් නම් කර ඇති මෙම ලිපි ලේඛන පසුගිය වසරේදී ප්‍රසිද්ධියට පත්වූ ‘පැනමා පත්‍රිකා’ වලට (Panama papers) පසුව අනාවරණය වූ විශාලතම ලිපි ලේඛන තොගය බවද හදුනාගෙන තිබෙනවා.

මෙහි දේශපාලඥයන්, සුපිරි ධනවතුන්, විවිධ ක්ෂේත්‍රවල තරු බවට පත්වූ පුද්ගලයන් මෙන්ම ඉතා ඉහළ ධනස්කන්ධයකට හිමිකම් කියන තනි පුද්ගලයන් සහ ඔවුන්ව තමන් ජීවත්වන රටේ බදු වලින් සඟවීම, කළු සල්ලි සුදු කිරීම, රටින් පිටත බදු පාරාදීසයන් ලෙස සැලකෙන බ්‍රිටිෂ් වර්ජින්, බහමාස්, පැනමා, සීෂෙල්ස්, සැමෝවා ආදී රටවල ආයෝජනය කිරීම වැනි මෙතෙක් හෙළි නොවූ තොරතුරු මෙම ලේඛන තුළ සඳහන් වනවා.

පසුගිය වසරේදී මෙන් මෙවරත් මෙම රහස්‍ය ලිපි ලේඛන අත්පත් කරගැනීමට සමත්ව ඇත්තේ ජර්මනියේ විශාලතම දිනපතා පුවත්පත වන Süddeutsche Zeitung නම් පුවත්පතයි.