මාරාන්තික උපවාස සිදුකළද ලබාදුන් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සයිටම් ආයතනයට එරෙහිව ඊයේ (06) පස්වරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදීයි.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ආරම්භ කළ මෙම උපවාසය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ "ජනාධිපතිතුමාගේ විසඳුම වෛද්‍යවරුත් පිළි අරගෙන තියෙනවා. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුත් පිළි අරගෙන තියෙනවා. සයිටම් ළමයිනුත් පිළි අරගෙන තියෙනවා. ඉතින් මේකේ විසඳුමකට යන්න සියලු දෙනාගෙන සහයෝගය අවශ්‍යයි. මේ විසඳුම ඉදිරියට ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙන්න ඕනේ. මේ ආයතනයේ පළවෙනි කණ්ඩායම පිට වුණේ අපේ රජය කාළේ. පස්සේ ඒ අය අධිකරණයට ගියා. අධිකරණයෙන් කිව්වා ඒ අයව පිළිගන්න කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා ඒක විභාග වෙනවා. ඉතින් උසාවි තීන්දුවට අපි හැමෝම හිස නමන්න ඕනේ." යනුවෙනි.
සයිටම් ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා විසින් පත්කිරීමට අපේක්ෂිත නව කමිටුවේ සංයුතියට දේශපාලනඥයින් ඇතුළත් නොවිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.