Friday, May 3, 2024

General line - 0115112241

මේ පළමු පියවර පමණයි! වංචා දූෂණ ගැන සෞදි නීතිපති කියන දේ 

ධරිත් පෙරේරා - බීබීසී ඇසුරෙන්




සෞදි රජ කුමාරවරුන්, ඇමැතිවරුන්, ව්‍යාපාරිකයන් ආදී බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනීම, රටේ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා දූෂණ පිටුදැකීමේ පළමු පියවර බව සෞදි අරාබි නීතිපති කාර්යාලය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මූල්‍ය අක්‍රමිකතා සහ වංචා දූෂණ පිටුදැකීමට සහ තවත් ක්‍රියා මාර්ග රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එරට නීතිපති ෂෙයික් සෞද් අල් මොජේබ් (Sheikh Saud Al Mojeb) පවසන්නේ.

මධ්‍යස්ථ ප්‍රතිපත්ති අනුගමනය කරමින් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීම එක් පියවරක් බවයි ඔහු කියා සිටියේ.