Monday, May 6, 2024

General line - 0115112241

පාසලක පන්ති කාමරයක් තුළට එක්වරම මෝටර් රථයක් කඩාවදී - සිසුන් දෙදෙනෙකු මරුට - තවත් පිරිසකට තුවාල

ධරිත් පෙරේරා - the guardian ඇසුරෙන්




ප්‍රාථමික පාසලක පංති කාමරයක් වෙතට හදිසියේම මෝටර් රථයක් කඩා වැදී තිබෙනවා.

මේ හේතුවෙන් අට හැවිරිදි සිසුන් දෙදෙනක් ජීවිතක්ෂයට පත්ව තවත් සිවු දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවේ සිඞ්නි නුවරින්.

මෝටර් රථය කඩා වැදී ඇත්තේ බැන්ක්සියා රෝඞ් නම් ප්‍රාථමික පාසලේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පන්තිකාමරයක් වෙතටයි.

මෙම මෝටර් රථය පදවා ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක් විසින්. 

වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් පංති කාමරයට කඩා වැදී ඇති බවටයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.