Monday, April 29, 2024

General line - 0115112241

නඩු කඩිනම් කරන්න පාර්ලිමේන්තුවට එන අලුත්ම යෝජනා

චම්ලි ඒකනායක




අධිකරණය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත් දෙකක් දෙවෙනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ විසින් ඉදිරිපත් කරන ලද්දේ අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ ( සංශෝධන ) පනත් කෙටුම්පතය.


විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා විවාදය අරම්භ කරමින් සඳහන් කළේ,  ''විශේෂ දූෂණ වංචා අධිකරණයක් අවශ්‍යයි. එසේ කරන්නට විනිසුරන් අවශ්‍යයි. එසේ කරන්නයි මෙලෙස වැඩිපුර විනිසුරන් පත් කරන්නේ. අපරාධ නඩු විසදීම දිනපතා කරන්න අවශ්‍යයි. නඩු කල්දැමීමට ප්‍රායෝගික හේතු තිබෙනවා. මේ තත්ත්වය තුළ වාර්තාධිකාරී විනිසුරන් පත් කරන්න යෝජනා කර තිබෙනවා.'' යන බවයි.
 
''මේ රටේ  මහධිකරණ විනිසුරුවරු සියයට 45%ක වැඩි වීමක්. ඒ තුළින් බරපතල අපරාධ විසඳීමට අවස්ථාව ලැබෙන බවත්, අධිකරණ විනිසුරුවරු සංඛ්‍යාව 75 සිට 110 දක්වා වැඩි කිරීමට යෝජනා කරන'' බව ද පැවසුවා.