Monday, April 29, 2024

General line - 0115112241

උතුරු සහ දකුණු කොරියානු දේශ සීමා අතරට යන්න ගිය අමෙරිකානු ජනපතිට වෙච්ච දේ

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ආසියානු සංචාරයේ තීරණාත්මක අවස්ථාවක් අහිමි වී තිබෙනවා.

ඔහු මීට පෙර සැලසුම් කර තිබුණේ අද (08) දිනයේ උතුරු සහ දකුණු කොරියානු දේශ සීමා අතර පිහිටි ආරක්ෂක කලාපයේ සංචාරය කිරීමටයි.

ඒ සඳහා ට‍්‍රම්ප් රැගත් හෙලිකොප්ටර් යානය සෝල් නුවර අමෙරිකානු හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇතත් ක්ෂණිකව යළි යානය ගොඩබස්වා තිබෙනවා. 

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා දින 2ක් දකුණු කොරියාවේ රැඳීසිටීමට නියමිතයි. එරට පාර්ලිමේන්තුව අමතමින් ද ඔහු උතුරු කොරියාවට අනතුරු අඟවා ඇත්තේ අමෙරිකාව අවතක්සේරු නොකරන ලෙසයි.