Sunday, May 5, 2024

General line - 0115112241

බසය පෙරළී 27ක් මරුට




පාකිස්ථානයේ පන්ජාබ්හි මගීන් රැගත් බස් රථයක් ප‍්‍රපාතයකට ඇදවැටීමෙන් පුද්ගලයින් 27 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 69 දෙනකු පමණ තුවාල ලබා ඇති බවයි. අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 100 දෙනකු පමණ ගමන් ගෙන තිබෙනවා.

බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට හේතුවී ඇති බවයි එරට පොලිසිය සඳහන් කර ඇත්තේ. වාර්ෂිකව පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගි වීම ගමන් කරන අතරතුරදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.