Wednesday, May 8, 2024

General line - 0115112241

ලංකාවට '' අයිස් '' ගෙනා දෙදෙනා රඳවා ගන්න නියෝග

ටෝනි කරුණනායක - ගම්පහ




ඉන්දියාවේ සිට අයිස් නැමැති මත්ද්‍රව්‍ය රැගෙන මෙරටට පැමිණිමේදී අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ජාතිකයින් දෙදෙනා තවදුරටත් රඳවාගෙන පරික්ෂණ සිදුකරන ලෙසට අද (11) නියෝග කෙරුණා.

මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ක්‍රිස්ටි පෙරේරා විසිනුයි අදාළ නියෝගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ලබාදී තිබෙන්නේ.

ඒ අනුව මෙම මස 16 වන දින දක්වා සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග අනුව ප්‍රශ්න කිරිමට නියමිතයි.

මෙම සැකකරුවන් ඉන්දියාවේ සිට අයිස් නැමැති මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මොවුන් ළඟ තිබී මෙතැම්ෆෙටමින් හෙවත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් හමුවුණා.

එක් පුද්ගලයෙක් සතුව ග්‍රෑම් 30ක්  හා අනෙකුත් පුද්ගලයා සතුව තවත්  ග්‍රෑම් 10ක්  මෙතැම්ෆෙටමින් හෙවත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා.