ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය භෞතිකව වැඩිදියුණු කිරීමට නොව බුද්ධිමය දේපළ පනතේ ශක්තිමත්භාවය හා ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු කළයුතු බව කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පෙන්වා දෙනවා. ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 අයවැයෙන් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය උසස් තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වෙන් කිරීමට යෝජනා කෙරුණා.
මෙවර අයවැය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් කියාසිටියේ සංකල්පමය වශයෙන් මෙය හොඳ අයවැයක් බව පෙනී යන බවයි. එහෙත් සංකල්පයට එහා ගොස්, වක්‍ර බදු වැඩිවී ඉදිරියේදී ආර්ථික වශයෙන් අමාරු තත්ත්වයක් උදාවිය හැකි අයවැයක් බව පෙනී යන්නේ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.