Thursday, January 16, 2025

General line - 0115112241

ප්‍රභූ ආරක්ෂාව ගැන හොයන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක්




ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් නව පොලිස් දිසාවක් පිහිටුවීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමුව තිබෙනවා. 

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ඒ සඳහා අලුතින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමට ද නියමිත බවයි.

ජනාධිපති, අග්‍රාමාත්‍ය, හිටපු ජනාධිපතිවරුන්, ඇමති ආරක්ෂක කොට්ඨාසය, විනිසුරුවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ඇතුළු ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් මෙම නව දිසාව පිහිටු වීමටයි නියමිතව ඇත්තේ.

ජනාධිපතිවරයා සිය චීන සංචාරය නිම කර මෙරටට පැමිණි වහාම මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද නියමිතයි.