ඉන්දීය ක්රිකට් කණ්ඩායමට දැඩි කොන්දේසි මාලාවක් පැනවීමට එරට ක්රිකට් පාලක මණ්ඩලය සූදානම් වනවා.
ඒ අනුව ක්රීඩකයින් විදෙස් සංචාරවලට එක්වීමේදී තම පවුලේ සාමාජිකයින් රැගෙන යාම සීමා කරනු ඇති.
එමෙන්ම රැගෙන යන සාමාජිකයින් සමඟ ගත කිරීමට ලබාදෙන කාලය ද සීමා කිරීමට නියමිතයි.
එමෙන්ම පුහුණුවීම් සහ තරග සඳහා යාමේදී පෞද්ගලිකව ප්රවාහන පහසුකම් සපයා ගැනීම ද තහනම් කර තිබෙනවා.
ඒ අනුව සියලුම ක්රීඩකයින් කණ්ඩායම් බස් රථයේ ගමන් කිරීම අනිවාර්ය කරනු ඇති.
ඒ අනුව දින 45ක් හෝ ඊට වැඩි සංචාරවලදී, ක්රීඩකයන්ට තම සහකාරිය සහ දරුවන් රැගෙන යා හැකියි.
එහෙත් ක්රීඩකයින්ට ඔවුන් සමඟ ගත කළ හැකි කාලය දින 14කට සීමා කර තිබෙනවා.
එමෙන්ම සංචාරයේ පළමු සති දෙකේදී පවුලේ සාමාජිකයින් සමඟ කාලය ගත කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
කෙටි තරග සංචාරවලදී එම කාලය සතියකට සීමා කර තිබෙනවා.