මුලතිව් දිස්ත්රික්කයේ මේ දිනවල පවතින වැසි සහිත තත්වය හේතුවෙන් මුලතිව් - වට්ටුවාක්කල් මාර්ගය අසල මුහුදේ ජලමට්ටම ඉහල ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් වට්ටුවාක්කල් මාර්ගය මැදින් හදිසියේම ගිලා බැස ඇති අතර මෙහි ගමන් කිරීමද අවධානම් සහිත බවයි ප්රදේශවාසීන් පවසන්නේ.
මුලතිව්, වට්ටුවාක්කල් ඒ- 35 ප්රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඉදිරියේදී වට්ටුවාක්කල් මාර්ගය ගිලා බැස ඇති ප්රමාණය දිනෙන් දින වැඩිවිය හැකි අතර ඉක්මන් විසඳුමක් නොලැබුනහොත් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වීමේ අවධානමක් පවතින බවයි ප්රදේශවාසීන් වැඩි දුරටත් කියා සිටියේ.