වවුනියාව හා මන්නාරම දිස්තික්ක දෙකේ ව්‍යාපාරිකයින් පිරිසක් මුදල් වංචා කරන ජාවාරමකට හසුව තිබෙනවා. ව්‍යාපාරිකයින් පිරිසක් මේ වන විට රුපියල් කෝටි අසූවකට වඩා මින් අහිමි කරගෙන ඇති බවට විශ්වාස කෙරෙන අතර, ඉන් රුපියල් කෝටි 13ක් වෙනුවෙන් පොලීසි කීපයකට පැමිණිලි කොට තිබෙනවා.
මෙම ජාවාරම වසර කීපයක සිට මෙම දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වී ඇති අතර සීට්ටු හා ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන් මුවාවෙන් මේ අන්දමට මුදල් වංචා කොට ඇත. වංචාවට හසුවූවන් පිරිසක් ඒ දිනවලදීම පොලීසිවලට පැමිණිලි කොට ඇති නමුත් බොහෝ දෙනකු තමන්ට ඇති ලැජ්ජාව හා වංචා වූ මුදල් ප්‍රමාණය හෙළිවනු ඇතැයි යන බියෙන් කිසිදු පැමිණිල්ලක් මේ වනතුරු ඉදිරිපත් කොට නොමැත.
ජාවාරමේ යෙදුණු පිරිස මේ වන විට එම මුදල් ද රැගෙන විදේශ ගතවී සිටින බවටයි වාර්තා වන්නේ. මේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු කීපයක්ද ගොණු කර ඇතිමුත් විත්තිකරුවන් ලෙස නම්කල පිරිස අධිකරණයට නොපැමිණීම හේතුවෙන් එම නඩු සියල්ලම අක්‍රීයව තිබෙනවා.
කුමන හෝ හේතුවක් මත වංචාවට හසුවූ ව්‍යාපාරිකයින් යළිත් වතාවක් පොලීසි වෙත පැමිණ ඔවුන්ගේ මුදල් වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි ඉද්රිපත් කිරීමට පටන් ගෙන තිබෙනවා.