Thursday, January 16, 2025

General line - 0115112241

කිසිදු රහස් කඳවුරක් රජයට නැහැ - ජනපති අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට කියූ දේ (PHOTOS)




අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවතින ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීම තම අපේක්ෂව බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. 

අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පැමිණිලි, ඉල්ලීම් සදහ තොරතුරු එක්රැස් කිරීම සදහා නව අයදුම්පතක් දිස්ති‍්‍රක් ලේකම්වරුන් හරහා යොමු කිරීමටයි ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇත්තේ. 

එම තොරතුරු දෙසැම්බර් 15 වන දිනට පෙර එක්රැස් කරන ලෙස සියලු දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත චක‍්‍රලේඛයක් නිකුත් කිරීමටද නියමිතයි. 

එම තොරතුරු අතුරුදන්වූවන්ගේ කාර්යාලය සහ අතුරුදන්වූවන්ගේ කොමිෂන් සභාව මගින් නැවත විමර්ශනය කිරීමටද මෙහිදී ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා. 

රජයේ සිර කදවුරුවල ඇතැම් පිරිස් රඳවාගෙන සිටින බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදි ප‍්‍රතිචාරය දක්වා තිබෙනවා. 

එවන කිසිදු රහස් කඳවුරක් වත්මන් රජයට නොමැති බවත් කිසිදු පිරිසක් එලෙස රඳවාගෙන නොමැති බවත් මෙහිදී අවධාරණය කෙරුණා.