Thursday, January 16, 2025

General line - 0115112241

හයිබ්‍රිඩ් මෝටර් රථවල ලීසිං සහනය ඉහළට

තරංග රුක්ෂාන් ජයසේකර




හයිබ්‍රිඩ් වාහන මිළදී ගැනීමේදී වටිනාකමින් සියයට 50ක්ව පවතින ලීසිං පහසුකම සියයට 70ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. 

ඒ අනුව කල්බදු ක‍්‍රමය යටතේ වාහනයක් මිළදී ගන්නා අයෙකුට පෙර පැවති වටිනාකමින් සියයට 50 ක් ගෙවීම වෙනුවට සියයට 30 ක් පමණක් ගෙවා වාහනයක් මිළදී ගත හැකියි.

විදුලි මෝටර් රථ සදහා ලීසිං පහසුකම වටිනාකමින් සියයට 90ක් බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ. 

පෙට‍්‍රල් සහ ඩීසල් මෝටර් රථ සදහා 50ට 50ක් වන ලීසිං පහසුකම වෙනස් වන්නේ නැහැ. 

මේ අතර නොවැම්බර් 9 වනදාට පෙර වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර ඇති ණයවර ලිපි මගින් මෙරටට ගෙන එන වාහන අයවැයට පෙර පැවති තීරුබදු යටතේ නිෂ්කාශනය කිරීමට ද අවසර ලබාදී තිබෙනවා. 

කෙසේවෙතත් එම සහනය බලපැවැත්වෙන්නේ ලබන වසරේ අපේ‍්‍රල් මස 30 වනදා දක්වා පමණයි.