Thursday, May 9, 2024

General line - 0115112241

පුංචි ඡන්දය කල්දාන වැඩේ යට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකම! ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද (16) පැවැත්වෙනවා. ඒ, කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන්. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගනු ඇති. අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් අධිකරණයේ නඩු කටයුත්තක් පැවතීම හේතුවෙන් අද දිනයේ නාමයෝජනා කැදවීමේ දිනයක් ප‍්‍රකාශයට පත් කිරිමට නොහැකිවීමේ ඉඩකඩක් පවතින බවද වාර්තා වනවා.

මැතිවරණ කොමිසම මෙලෙස අද රැස් වෙන්නේ පළාත් පාලන ආයතනවල සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් ඉකුත්දා ප‍්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබියදීයි. එහි වැඩිදුර සලකා බැලීම ලබන 22 වනදාට කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ තීරණය කළා. පෙත්සම ගොණුකරනු ලැබ ඇත්තේ කොළඹ, මහනුවර, මාතර , ඇල්පිටිය, හා හාලිඇල යන ප‍්‍රදේශවල පදිංචි ඡන්ද දායකයින් විසින්.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයද පවසන්නේ මෙම පෙත්සම් ගොණුකළ පුද්ගලයින්ට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සහායක් ලැබී ඇති බවයි. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කංචන විජේසේකර පවසන්නේ මෙය ආණ්ඩුව නියෝජනය කරප ප්‍රධාන පක්ෂ දෙකෙහිම එකඟතාවයක් මත වූවක් විය හැකි බවය.

මේ අතර සීමා නිර්ණයට එරෙහිව ඉදිරියේදී අධිකරණයට යාමට සූදානම් බව ජාතික හිමිකම් සංවිධානයද පවසනවා. ඒ, අඹගමුව, නෝර්වුඞ් සහ මස්කෙළිය වශයෙන් ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශ වෙන් කිරීමට විරෝධය පළ කරමින්. ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පෙන්වා දෙන්නේ ජාතිවාදී පදනමක් මත මෙම සීමා නිර්ණය කටයුතු කර ඇති බවය.