Sunday, May 19, 2024

General line - 0115112241

පොලිසියට අල්ලස් දෙන්න හැදු අයෙක් අත්අඩංගුවට




පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට තැත් කළ පුද්ගලයෙකු මාලිම්බඩ පොලිස් ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස සැකකරු පොලිස් නිලධාරියෙකුට රුපියල් පහලොස් දහසක අල්ලස් මුදලක් ලබාදීමට තැත්කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මාතර මහේස්ත්‍රාත්වරයා වෙත අද (18) ඉදිරිපත් කිරීමට නියමිතයි.