චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයට සමගාමීව චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම සංචාරය තුළ, චීන-ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරින් සංවර්ධනය කරමින් එක් තීරයක් - එක් මාවතක් වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීම හා විවිධ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පුළුල් එකඟතාවන්ට පැමිණ තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දෙරට හා දෙරටේ ජනතාවට සුබ සෙත සැලසීම සඳහා අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය අඛණ්ඩව ගැඹුරින් පවත්වා ගැනීමට ප්රයත්න දැරීමට දෙපාර්ශ්වය කැමැත්තෙන් සිටින බවද එහි සඳහන්.
දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය පුනර්ජීවනය, සංස්කෘතිය හා සංචාරය යනාදී විවිධ ක්ෂේත්රවල සහයෝගිතා පුළුල් කිරීම සඳහා දෙපාර්ශ්වය සූදානමින් සිටින බවද එහි දැක්වෙනවා.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාදරයෙන් ඇරයුම් කරන බවද එම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.