Thursday, January 16, 2025

General line - 0115112241

ජනාධිපති ලේකම් සහ එමිර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා අතර හමුවක්




ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි මහතා අතර හමුවක් අද සිදුවුණා. 

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අඛණ්ඩ සහාය ලබා දෙන බව තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

නව දේශපාලන ප්‍රවාහය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා යහපත් අවස්ථාවක් උදාවී තිබෙන බව පෙන්වා දුන් ඛලීඩ් නසර් අල්අමේරි මහතා පසුගිය කාලය තුළ ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක්  ශ්‍රී ලංකාව තුළ දක්නට නොතිබු බවද සඳහන් කළා. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන් සහ ආයෝජකයන් සමඟ හමුවකට මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළ ඛලීඩ් නසර් අල්අමේරි මහතා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එය මනා පිටිවහලක් වනු ඇති බවද පෙන්වා දුන්නා.