Sunday, May 19, 2024

General line - 0115112241

වැල්ලවාය රිය අනතුර හමුදා සෙබළෙකු බිළි ගනී

ජයන්ත වීරසේකර - වැල්ලවාය




වැල්ලවාය, වරුණගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රිය අනතුරෙන් මියගොස් ඇත්තේ වරුණගම යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා සෙබළෙක්.

මොණරාගල සිට වැල්ලවාය දෙසට ධාවනය වූ ලොරි රථයක මෙම යුද හමුදා සෙබළා ගැටී තිබෙනවා.

ලොරි රථයේ රියදුරු පලායාමට තැත්කළ අවස්ථාවේදී ඒ ආසන්නයේ සිටි යුද හමුදා සෙබළුන් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එම රියදුරා බීමතින් සිට ඇති බවට අනාවරණ වී තිබෙනවා.