Thursday, January 16, 2025

General line - 0115112241

අවබෝධයෙන් නාමයෝජනා දීමෙන් ප්‍රතිකේෂ්පවීම වළක්වා ගන්න පුළුවන්

පසන් ද සිල්වා




එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ද නාමයෝජනා පත්‍ර ප්‍රතිකේෂ්පවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒ පිළිබඳ විමසිල්ලෙන් කටයුතු කරන පැෆරල් සංවිධානය සියලූ පක‍්ෂවලට දැනුම් දෙනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක‍්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරින්ගේ උපදෙස් ලබාගෙන ක්‍රියාකළ යුතු බවයි.

මනා අවබෝධයකින් යුතුව දේශපාලන පක්ෂ කටයුතු කරන්නේ නම් නාමයෝජනා පත්‍ර ප්‍රතිකේෂ්පවීම වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු ඉදිරි සතියේදී විසඳෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි ඔහු සඳහන් කළේ.