Thursday, January 16, 2025

General line - 0115112241

වාහන ආනයනය කල යුත්තේ රට තුළ ක්‍රියාත්මක වන ප්‍රවාහන ප්‍රතිපත්තියකට අනුවයි




වාහන ආනයනය සිදුකල යුත්තේ රට තුළ ක්‍රියාත්මක වන ප්‍රවාහන ප්‍රතිපත්තියකට අනුව බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. 

මෙරට පොළී අනුපාත මේ වන විට අවම මට්ටමක පවතින බැවින් පාලනයකින් තොරව වාහන ආනයනයට අවසර ලබා දෙනු ලැබුවහොත් අහිතකර ආර්ථික ප්‍රතිඵල අත්විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.  

එවැනි තත්ත්වයක් තුළ විදේශ සංචිත සහ රුපියලේ අගය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කියා සිටියේ.

වාහන ආනයනයේදී ප්‍රමුඛතා දිය යුතු අංශ කෙරෙහිද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.