Thursday, January 16, 2025

General line - 0115112241

අරමුණ වෙනුවෙන් දිනකට පැය 22ක් වැඩ කරන පියෙකුගේ තොරතුරු මෙන්න (VIDEO)

කෑගල්ල සමන් විජය බන්ඩාර




තමන්ගේ අරමුණ ජයගැනීම වෙනුවෙන් දවසකට පැය දෙකක් පමණක් නිදා ගනිමින් වැඩකරන පියෙකු සම්බන්ධයෙන් වාර්තා වුණේ මාවනැල්ලෙන් ප්‍රදේශයෙන්.

ඔහුගේ එකම අරමුණ සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔහුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු වගකීම ඉටුකිරිමයි.

එමෙන්ම සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වන බිරිඳ සුවපත් කරගැනීම ඔහුගේ තවත් අරමුණක්.

මෙලෙස අපමණ දුක් වෙහෙසක් දරන මේ දෙදරු පියා මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ මොලිගමුව ගම්මානයේ පදිංචි අයෙක්.

වයස අවුරුදු 46ක් වන මොහු නමින් බි.වි. කුමාරසිංහ නම් වන අතර ඔහුව සියල්ලන් හඳුන්වන්නේ "පාන්දර" යන නමින්.

එලෙස ඔහුට පාන්දර යනුවෙන් නමක් පට බැදි ඇත්තේ සිය රාජකාරිය අලුයම් කාලයේ හෝ පාන්දර ආරම්භ කිරීම හේතුවෙන්.

කොන්ත්‍රාත් ක්‍රමයට ඔහු සියළු කුලී වැඩ කරනු ලබනවා.

වැලි ඇදිම, තට්ටු ගණන් උස ගොඩනැගිලිවලට ගඩොල්, මැටල්, සහ අනිකුත් අමුද්‍රව්‍ය රැගෙන යාම, සහ විශාල වතු උදලු ගෑම, කාණු පද්ධති යෙදිම, කැලෑ කැපිම කුමාරසිංහට ලැබෙන රැකියාවන් වනවා.

තමන්ට කුමන රැකියාවක් වුවද කළ හැකි බව පවසන ඔහු කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ පල කිරිම මගින් එම වැඩ පල පවරණ අයටද එයින් ලාභයක් මිස පාඩුවක් සිදුනොකරන බව පැවසුවා.

කොන්ත්‍රාත් ක්‍රමයට යම් වැඩක් භාර ගත හොත් ඒ සඳහා අලුයම 2 ට අවදි වී එහි වැඩ ආරම්භ කර එය අවසන් වන තුරු ඒ කටයුත්තේ නිරත වීම ඔහුගේ සිරිතයි.