නීතිවිරෝධී ලෙස වැලි ප්රවාහනය කළ පුද්ගලයෙකු ට්රැක්ටර් රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී කණ්ඩායමක සිදුකළ මෙහෙයුමකදීයි.
ඔහු වැල්ලවාය ළිඳආර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වැඩිදුර පරීකෂණ සඳහා සැකකරු වැල්ලවාය පොලීසියට භාරදී තිබෙනවා.
මේ අතර පේදුරුතුඩුව ප්රදේශයේ නිවෙස් බිඳ දේපළ කොල්ලකෑ පුද්ගලයන් තිදෙනකු කන්කසන්තුරෙයි ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී රූපවාහිනී යන්ත්ර, ඩීවීඩී යන්ත්ර, කැමරා, රන් භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් 21 හැවිරිදි පේදුරුතුඩුව ප්රදේශයේම පදිංචිකරුවන්. සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතයි.