Thursday, January 16, 2025

General line - 0115112241

විපක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි විය යුතු අවස්ථාවන්ට වඩා වැඩි අවස්ථාවක් වත්මන් ආණ්ඩුව විසින් දිලා තියෙනවා




විපක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි විය යුතු අවස්ථාවන්ට වඩා වැඩි අවස්ථාවක් වත්මන් ආණ්ඩුව විසින් ලබාදී ඇති බව කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. 

පාර්ලිමේන්තු කටයුතුවලට විපක්ෂයට සාධාරණ අවස්ථාවක් නොලැබෙන බවට සමගි ජන බලවේගය එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ කමිටුවලද සාධාරණ නියෝජනයක් විපක්ෂයට ලැබී නොමැති බවයි. 

ඊට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ විපක්ෂය බොළඳ තර්ක ඉදිරිපත් කිරීම වෙනුවට තමන්ට පැවරී ඇති වගකීම් ඉටු කළ යුතු බවයි. 

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ පැවති ක්‍රමවේදයේ කිසිදු වෙනසක් මෙතෙක් සිදුව නොමැති බවයි.

කෙසේවෙතත් කෝප් කමිටුවේ සභාපතිත්වය විපක්ෂයට ලබා දිය යුතුව තිබුණු බවයි සමගි ජන බලවේගය පවසන්නේ.