ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්ව පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ මෙතෙක් පවත්වා නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් පමණක් බවයි ඔහු කියා සිටියේ.
මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළේ මහනුවරදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.