Thursday, January 16, 2025

General line - 0115112241

ගාල්ලේ පොලිස් ඇඳිරි නීතිය පැනවූ කාලය අවසන් - ජනතාව සන්සුන්

රවින්ද්‍ර චන්ද්‍රලාල්




ගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට ඊයේ (18) පස්වරු 6.00 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (19) අලුයම 6.00ට ඉවත් කෙරුණා.

මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණේ වැලිපිටිමෝදර, මහහපුගල, උක්වත්ත, ගිංතොට නැගෙනහිර, ගිංතොට බටහිර, පියදිගම සහ කුරුඳුවත්ත යන ප‍්‍රදේශවලටයි.

මේ වනවිට එම ප‍්‍රදේශ සන්සුන් බව නෙත් නිවුස් වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල් පවසනවා.

මේ අතර එම ප‍්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව තවදුරටත් යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය ප‍්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා.   

ගාල්ල දිස්ත‍්‍රික්කයේ මෙවැනි විශේෂ ආරක්ෂක සැලැස්මක් ක‍්‍රියාත්මක කෙරුණේ පෙරේදා (17) රාත‍්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන්.

එම නොසන්සුන්තාවයේදී කළහකාරිව හැසිරුණු පුද්ගලයින් 19 දෙනෙකු පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඔවුන් සියලූදෙනා ලබන 30 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ. 

මේ සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න..