Thursday, January 16, 2025

General line - 0115112241

ජනන යන්ත‍්‍ර තුන අක්‍රිය වුණත් අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවක් නැහැලු

හර්ෂිකා සංජීවනී




සපුගස්කන්ද විදුලි බලාගාරයේ ජනන යන්ත‍්‍ර 3ක් තවදුරටත් අක‍්‍රිය වී තිබෙනවා.

කෙසේවෙතත් අඛණ්ඩ විදුලි සැපයුමට එයින් සැළකියයුතු බලපෑමක් ඇති නොවන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පවසන්නේ.

ආර්ථික වශයෙන් ද එහි අලාභයක් නොමැති බව මෙහිදී අවධාරණය කෙරුණා.

අක‍්‍රිය වී ඇති ජනන යන්ත‍්‍රවල අලූත්වැඩියාවන් මේ වනවිට සිදුකෙරෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර නියමිත කාලයට අලූත්වැඩියා නොකිරීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ අදාළ ජනන යන්ත‍්‍ර 3 අක‍්‍රිය වී ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වුණා.