අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවේ හෙට (20) පෙනී සිටීමට නියමතයි.
කිසිඳු බියක් හෝ සැකයක් නොමැතිව අග්‍රාමාත්‍යවරයා එම කොමිසම හමුවේ පෙනී සිටින බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මෙමගින් ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදය ද නැවත තහවුරු වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මෙන්ම ඉකුත් සමයේ සිදුවූ මහා පරිමාණ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණ සිදුකළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එම අදහස් පළකළේ මහනුවරදී මාධ්‍යවෙදීන් ඊයේ (18) කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.