Friday, May 3, 2024

General line - 0115112241

ලෝක රූ රැජිණ කිරුළ වසර 17කට පසු මෙවර ඉන්දියාවට (VIDEO)

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




2017 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව මෙවර සමත් වුණා.

ඒ, අනුව මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගෙන ඇත්තේ, 20 හැවිරිදි වියේ පසුවන හර්යානා හි මානුෂි චිලර් විසින්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ වසර 17 කට පසුව ඉන්දියාවට එම ජයග්‍රහණය හිමිව ඇති බවයි.

මීට පෙර 2000 වසරේ ලෝක රූ රැජිණ කිරුළ දිනාගෙන තිබුණේ ප්‍රවීණ බොලිවුඩ් සහ හොලිවුඩ් රංගන ශීල්පී ප්‍රියංකා චොප්රා විසින්.

මෙවර ලෝක රූ රැජිණ කිරුළේ තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ එංගලන්තයේ ස්ටෙපනි හිල්.

දෙවන ස්ථානය මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට හිමි වුණා.