Thursday, January 16, 2025

General line - 0115112241

උසාවි ගේද්දී ආවා කල්ලියේ ප්‍රබල සාමාජිකයා පැනලා - යාපනය පුරා සෝදිසි මෙහෙයුම්

දිනසේන රතුගමගේ




පසුගිය ජූලි මාසයේදී යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයින් හය දෙනාගෙන් ප්‍රබල සාමාජිකයෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණයෙන් මිදී පලා ගොස් ඇතත් ඔහුව මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

යාපනය, කෝපායි, කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු  මෙලෙස ඉකුත් 17 වැනි දා අධිකරණයට රැගෙන ගිය අවස්ථාවේදී පලා ගොස් තිබුණා.

සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් "නිශා වික්ටර්" නැමති මෙම සැකකරුට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 16 වැනිදා ඇප ලබා දී තිබූ අතර ඇප තැබීමට කිසිවකු ඉදිරිපත් වී සිටියේ නැහැ. 

පසුව සැකකරු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහනයෙන් මිදී මෙසේ පලා ගොස් තිබුණා.

අත්අඩංගුවට ගෙන සිටින ''ආවා ගෲප්'' කල්ලියේ මෙම සාමාජිකයින් හය දෙනාගෙන් හතර දෙනෙකුම එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට පුනරුත්ථාපනය නොවූ සාමජිකයින් බවයි අනාවරණය වී ඇත්තේ. පලා ගිය සැකකරුද එවැනි අයෙක් වනවා. කෙසේවෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මේ දිනවල යාපනය පුරා සෝදිසි මෙහෙයුම් දියත් කෙරෙනවා.