කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) දවස පුරා සිදුනොවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් සිදුකෙරෙන ජලනළ එළීමක් ඊට හේතුවයි.
කොටා පාර සහ බේස්ලයින් මාර්ගය ආශ්රිතව මෙම ජල නළ එළීම සිදුවනවා.
දුම්රිය මගීන්ට සිදුවන අපහසුව පිළිබඳ කනගාටුව පළකරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ.